News Line| Off Air| Games
Generic placeholder image

Apr
17

රුසියාවෙන් ලෝකෙටම සයිබර් ප්‍රහාරයක්. FBI අනතුරු අඟවයි.

1849 Views


රුසියාවෙන් ලෝකෙටම සයිබර් ප්‍රහාරයක්. FBI අනතුරු අඟවයි.

සිරියානු අර්බුදය මේ වෙද්දී ලෝක යුද්ධයකට මඟ පාදලා තියෙන්නේ. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සිරියාවට මිසයිල ප්‍රහාරයක් එල්ල කරා. මේ ප්‍රහාරයට රුසියාව තමන්ගේ විරෝධය පලකරා. ඊයේ රුසියාව යුධෝපකරණ සහිත නැව් දෙකක් සිරියාවට යැව්වා.

මේ අතර රුසියාව බ්‍රිතාන්‍යට සහ ඇමෙරිකාවට සයිබර් ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් වෙනවා. එම රටවල් දෙකේ යටිතල පහසුකම් අඩපණ කිරීම තමයි රුසියාවේ ප්‍රධාන ඉලක්කය වෙලා තියෙන්නේ. මේ නිසා තමන්ගේ නිවෙස්වල පරිගණක සහ අන්තර්ජාල පද්ධති ආරක්ෂා කර ගන්න කියලා ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ජනතාවට උපදෙස් දීලා තියෙනවා.

ඒ වගේම ඔවුන් තමන්ගේ සයිබර් ආරක්ෂක පද්ධතිවල ආරක්ෂාව වැඩි කරමින් ඉන්නවා. රුසියාව කියන්නේ සයිබර් ප්‍රහාර වලට නම් දරපු රටක්. සිරියානු ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් විදියට මේ සයිබර් ප්‍රහාරය එල්ල කරාවි කියලයි දේශපාලන විචාරකයින් මත පල කරන්නේ. ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර 400 ක් ඉලක්ක කරගෙන රුසියාව සයිබර් ප්‍රහාරයකට සූදානම් වෙනවා කියලා ඕස්ට්‍රේලියානු රජයත් චෝදනා කරනවා.

කොහොම වුනත් මේ සිතල යුද්ධය කොයි වෙලාවක හෝ උණුසුම් වෙන්න පුළුවන් කියලා විචාරකයින් අදහස් දක්වනවා. එහෙම වුනොතින් 3 වන ලෝක යුද්ධයේ ආරම්භය එය වෙන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post