News Line| Off Air| Games
Generic placeholder image

Sep
2

Facebook එකෙන් ක්‍රිකට් ලෝලීන්ට බැන්න නිසා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට මාස 6 ක තරඟ තහනමක්.

2448 Views


Facebook එකෙන් ක්‍රිකට් ලෝලීන්ට බැන්න නිසා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට මාස 6 ක තරඟ තහනමක්.

මොනම ක්‍රීඩාවක වුනත් පැවැත්ම තියෙන්නේ ප්‍රේක්ෂකයන් නිසා. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව මෙතරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ ලෝකය පුරා ක්රික ලෝලීන්ගේ ආදරය නිසා.

හැබැයි බංගලාදේශයේ එක ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට නම් ප්‍රේක්ෂකයන්ව පෙන්නන්න බෑ. ඒ තමයි යොවුන් ක්‍රීඩක ශබීර් රෙහෙමාන්. ඔහු Facebook ඔස්සේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට බැන වැදිලා තියෙනවා.

මේ නිසා ඔහුට මාස 6 ක තරඟ තහනමක් පනවන්න බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරලා තියෙනවා. ශබීර් රෙහෙමාන්ට මීට පෙරද පළමු පෙළ තරගයකදී පේ‍්‍රක්‍ෂකයෙකුට පහරදුන් බවට එල්ල වූ චෝදනාවට දඩ මුදලක් ද පැනවුණා.


News Articles
Latest Videos
Most Popular Post