News Line| Off Air| Games
Generic placeholder image

Mar
29

“ඉස්සරත් එහෙම වුණා. ඇත්තටම එහෙම කරපු එක හොඳයි.” – පන්දුව පලුදු කළ වරද ගැන සංගා සහ මැතිව්ස් කට අරියි.

3024 Views


“ඉස්සරත් එහෙම වුණා. ඇත්තටම එහෙම කරපු එක හොඳයි.” – පන්දුව පලුදු කළ වරද ගැන සංගා සහ මැතිව්ස් කට අරියි.

මේ වෙද්දී මුළු ක්‍රිකට් ලෝකයම බලං ඉන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මණ්ඩලය මේ දවස් වල ගන්න තීරණ ගැනයි. රටේ කීර්ති නාමයට හානි කළ ක්‍රීඩකයන්ට, ඊට අනුබල දුන් නායකයන් හුරතල් නොකර දැඩි දඩුවම් දෙන්න ඔස්ට්‍රේලියාව ගත්ත කෙලින් තීරණ ගැන බොහෝ අය ප්‍රශංසා කරනවා. මේ නිසා ආයෙත් ලෝකේ කිසිම රටක ක්‍රීඩකයෙක් මෙහෙම වරදක් කරනවා තියා හිතන්නවත් යන එකක් නැහැ කියලයි ක්‍රිකට් ප්‍රවීණයෝ කියන්නේ.

පන්දුව පලුදු කරන්න අනුබල දුන්න ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත්ට සහ උපනායක ඩේවිඩ් වෝනර්ට වසරක තරඟ තහනමක් පනවපු ක්‍රිකට් පාලක මණ්ඩලය පන්දුව පලුදු කළ කැමරන් බ්‍රන්ක්රෝෆ්ට්ට මාස 9 ක තරඟ තහනමක් පැනවුවා. ඒ වගේම දඩුවම් කාලය නිමා වෙලා තවත් වසරක් යනකන් මේ ක්‍රීඩකයන්ට යළි නායකත්වයට පත්වීමට හැකි වෙන්නෙත් නැහැ.

මේ සිදුවීම ගැන ලංකාවේ සුපිරි ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සහ ඇන්ජලෝ මැතිව්ස් අදහස් දැක්වුවා.

මැතිව්ස් කියන්නේ මෙහෙම දෙයක් ලංකාවේ ක්‍රීඩකයන් අතින්නම් කවදාවත් වෙන්නේ නැහැ කියලයි. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට මේ වැඩෙන් ලොකු කැළලක් ඇතිවුණා කියලයි මැතිව්ස් මාධ්‍ය හමුවකදී කිවුවේ.

කුමාර් සංගක්කාරගෙන් මේ සිදුවීම ගැන මාධ්‍යවේදීන් ඇහුවම නම් කිවුවේ මෙහෙම දේවල් ඉස්සරත් වුණා නමුත් මේ පාර සිදුවීම ගොඩාක් බරපතලයි කියලයි. ඒ වගේම ඕස්ට්‍රේලියා ක්‍රිකට් මණ්ඩලය සහ රජය තම රටට සිදුවුණු කැළලට එරෙහිව ප්‍රතිචාර දක්වපු විදිහ හොඳ බවත් සංගා කිවුවා.


News Articles
Latest Videos
Most Popular Post