News Line| Off Air| Games
Generic placeholder image

Aug
13

2020 ජනාධිපතිවරණයට එනවද? නැද්ද? සංගා පළමු වරට උත්තර දෙයි.

1190 Views


2020 ජනාධිපතිවරණයට එනවද? නැද්ද? සංගා පළමු වරට උත්තර දෙයි.

2020 ජනාධිපතිවරණය ගැන කතා බහ දැන්ම පටන් අර ගෙන තියෙන්නේ. මේ වෙද්දී 2020 සටනට එන පුද්ගලයින් කිහිප දෙනෙක් ගැනම සමාජ මාධ්‍ය වල කතා බහ වෙනවා.

ඒ අතරින් ඉහළින්ම තියෙන නමක් තමයි කුමාර් සංගක්කාර. ලංකාවේ ප්‍රධානම දේශපාලන පක්ෂයකින් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා තමයි කතා බහ වෙන්නේ. කොහොම වුනත් මේ කට කතා සියල්ලටම සංගා උත්තර දුන්නා. ඒ Facebook සටහනක් තියලා.

දේශපාලනයට එන්න කිසිම අපේක්ෂාවක් නෑ කියලයි සංගා මේ සටහන් ආරම්භයේදීම කියන්නේ. “නිශ්චිතවම කියන්න පුළුවන් මම දේශපාලනයට එන්නේ නෑ. කවදාවත්ම එන්නේ නෑ” කියලයි සංගා සටහනේ සඳහන් කරන්නේ.

“දේශපාලනය සහ රාජ්ය සේවය ඉතා බරපතළ වගකීමක් බව මම විශ්වාස කරනවා. මහජන සේවය හැම වෙලාවේම වගකීම් සහගතව සහ මහජන විශ්වාසය දෙනාගෙන කල යුතුයි. රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන මහජන සේවකයන්ට මම ඉතාම ගෞරව කරනවා.”

කොහොම වුනත් දේශපාලකයන් පත් කර ගන්න ඕන විදිය සංගා මේ සටහනෙන් කියලා තිබ්බා. “මට කිසිම දේශපාලන අභිලාශයක් නැතත්, මම විශ්වාස කරනවා ශ්‍රී ලාංකිකයන් විදියට අපි ඉවසිලිවන්තව සහ දූරදරිශි වෙන්න ඕන වඩාත් ගැළපෙනම සහ වඩාත් සුදුසුකම් ලත් පුද්ගලයන් පත් කරන්න.”

සංගාගේ අනාගත සැලසුම් ගැනත් මේ සටහනේ සඳහන් කරලා තිබ්බා. “ක්‍රිකට් වලින් සමු ගත්තාට පස්සේ මගේ ප්‍රධානම සැලැස්ම තමයි පවුලේ අය ගැන අවධානය යොමු කරන එක.”


News Articles
Latest Videos
Most Popular Post