News Line| Off Air| Games
Generic placeholder image

Oct
3

එංගලන්තයට ගහන්න ඕන හැටි සංගක්කාර හෙළිකරයි.

2795 Views


එංගලන්තයට ගහන්න ඕන හැටි සංගක්කාර හෙළිකරයි.

ක්‍රිකට් ලෝකයට හඳුනවලා දෙන්නේ එංගලන්තය. හැබැයි එංගලන්තයටත් ක්‍රිකට් උගන්වපු ක්‍රීඩකයෙක් තමයි කුමාර් සංගක්කාර. නොවැම්බර් මාසයේදී ආරම්භ වෙන එංගලන්තය සමඟ ටෙස්ට් තරඟාවලියට ලංකාව මුහුණ දෙන්න ඕන විදිය සංගා හෙළිකරලා තියෙනවා.

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් එල්ල කරාවි කියලයි සංගා කියන්නේ. “එක්දින තරගාවලියේදී එංගලන්ත කණ්ඩායමට වැඩි වාසි තිබෙනවා. ඔවුන් ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලොව හොදම එක්දින කණ්ඩායමයි, නමුත් ශ්‍රී ලංකාව පසුවන්නේ 8 වන ස්ථානයෙයි.”

” මම හිතන්නේ එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් වේවි. මන්ද එංගලන්ත කණ්ඩායමට ඕනෑම තත්ත්වයකට අනුගතවීමට හැකියාව තිබෙනවා වගේම ඔවුන් සතුව හොද පිතිකරණ බල ඇණියක් තිබෙනවා. එය අංක 10 දක්වාම විහිදෙනවා. ඔවුන් කිසිදු අවස්ථාවක කණ්ඩායමේ පිතිකරණ අංශය වෙනස් කිරීමක් කර නැහැ. එය 2019 ලෝක කුසලාන තරගාවලියට හොද අඩිතාලමක්.” කියලා සංගක්කාර සඳහන් කරා.

ඒ වගේම එංගලන්ත කණ්ඩායමේ ලංකාවට වාසි සහගත තැනක් ගැනත් සංගක්කාර හෙළිකරා. “එංගලන්ත කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු ඇලෙස්ටයාර් කුක් විශ්‍රාම ගැනීමෙන් පසු ඔවුන් මුහුණ දෙන පළමු ටෙස්ට් තරගාවලිය මෙයයි. එම පුරප්පාඩුව පිරවීමට එන්නේ නවක ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකාවට එය හොද අවස්ථාවක්”

ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ තියෙන දක්ෂතා ගැන සංගා දැක්වුවේ මේ වගේ අදහසක්. ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන ඕනෑම කණ්ඩායමක් මුහුණ දෙන අභියෝගය තමයි දඟ පන්දු යවන්නන්. එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට මුහුණ දුන්නාට වඩා හොදින් ඔවුන්ගේ දඟ පන්දු යවන්නන් පාලනය කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකිවුවහොත් එය තීරණාත්මක සාධකයක් වනු ඇති.”

“එංගලන්ත දඟ පන්දු යැවීමේ බල ඇණිය ශක්තිමත් කිරීමට අදිල් රෂිඩ් සහ මොඊන් අලී සිටිනවා. විශේෂයෙන් අදීල් රෂිඩ් ශ්‍රී ලංකාවේ තණ තීරුවල දක්ෂතාවයන් දක්වනු ඇති. නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන් හා රංගන හේරත් මත වැඩි වගකීමක් තිබෙනවා. පළමු ඉනිමේදී වැඩි වාසි අත්කර ගැනීම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීම.”


News Articles
Latest Videos
Most Popular Post