News Line| Off Air| Games
Generic placeholder image

Apr
5

ශර්ලොක් හෝම්ස්ට පණ දුන් ඇපල් ඔරලෝසුව.

319 Views


ශර්ලොක් හෝම්ස්ට පණ දුන් ඇපල් ඔරලෝසුව.

ෂර්ලොක් හෝම්ස් කියන රහස් පරීක්ෂකවරයා ගැන කාටවත් අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ. ෂර්ලොක් හෝම්ස් වගේ සැඟවුන මිනිමරුමක තොරතුරු හොයලා දුන්න “ඇපල්” ඔරලෝසුවක් හමුවෙලා තියෙනවා.

මිර්නා නිල්සන් 2016 දී ඝාතනය වෙලා තියෙනවා. මිර්නාගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ ලේලිය වන කැරොලයින් නිල්සන්ට චෝදනා එල්ල වෙලා තියෙන්නේ. හැබැයි ඇය පවසා සිටියේ නිවසට ඇතුළු වූ පුරුෂයන් කණ්ඩායමක් සිද්ධිය වන අවස්ථාවේ ඇයව බැඳ දමා තිබ්බා කියලා. ඝාතනය සිද්ධ වෙන වෙලාවේ මිර්නා නිල්සන් ඇපල් ඇත ඔරලෝසුවක් පැළඳගෙන ඉඳලා තියෙනවා.

කැරොලයින් පවසා සිටියාට වඩා පැය කීපයකට පෙර මිර්නා නිවසට ඇතුළු වී ඇති අතර, සැඟවී සිට පහර දී ඇයව ඝාතනය කර ඇති බවට ‘ස්මාර්ට්’ අත් ඔරලෝසුවේ සටහන් වූ දත්තවලින් හෙළිවෙලා තියෙනවා. පිරිසක් මෝටර් රථයකින් නැන්දම්මා ලුහුබඳිමින් නිවස දක්වා ආව කියලයි කැරොලින් පොලිසියට කියලා තිබ්බේ. නැන්දම්මා සහ මෙම පිරිස අතර මිනිත්තු විස්සක පමණ කාලයක් බහින්බස් වීමක් සිදු වූ අතර, එම අවස්ථාවේ දී කැරොලයින් නිවසේ මුළුතැන් ගෙට වී දොර වසා ගෙන සිටි නිසා පහර එල්ල කරන ශබ්දය ඇහුනේ නෑ කියල තමයි ඇය කිව්වේ.

හැබැයි අපල් ඔරලෝසුවේ දත්ත අනුව මියගිය කාන්තාවට පහර දී ඇත්තේ සවස 6.38 ට පමණ. සවස 6.45 වෙද්දී ඇය අනිවාර්යයෙන්ම මිය ගිහින් තිබෙනවා. කැරොලයින් නිවසින් එළියට පැමිණ ඇත්තේ රාත්‍රී 10 ට පමණ. නමුත් ඇපල් අත් ඔරලෝසුවේ සටහන් වී ඇති දත්ත සාක්ෂි ලෙස පිළිගතහොත්, ඇය එළියට පැමිණ ඇත්තේ ප්‍රහාරය එල්ල කර පැය තුනකට පසුව බව ඔප්පු වෙනවා


News Articles
Latest Videos
Most Popular Post