News Line| Off Air| Games
Generic placeholder image

Jun
20

“ඇත්තටම බොහොම පහන් හැඟීමක්. සාමකාමී නිදහස් හැඟීමක් තමයි එන්නේ.” – ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් පැවිදි බිමට

890 Views


“ඇත්තටම බොහොම පහන් හැඟීමක්. සාමකාමී නිදහස් හැඟීමක් තමයි එන්නේ.” – ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් පැවිදි බිමට

ලාංකේය කලා ක්ෂේත්‍රයේ වැඩිපුර දුෂ්ටයාගේ චරිතය හොබවමින් ප්‍රේක්ෂක ඔබව පිනවූ ආදරණීය චරිතයක් තමයි ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස්. ඔහු මේ දවස්වල ඊට හාත්පසින්ම වෙනස් චරිතයකින් ක්‍ෂ්ත්‍රයට එන්න සූදානම්. ඒ ස්වාමින් වහනසේගේ චරිතයක් හොබවමින්. ඒ ගැනත් ඔහුගේ කලා ලොවේ තොරතුරු ගැන අලුත්ම තොරතුරු ජාතික පුවත්පතකට කියල තිබුනේ මේ විදිහට

මේ දවස්වල ඔබ ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙලානේද?

ඔව්. මේ දිනවල ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂවරයාගේ ත්‍රයිලෝකා කියන ටෙලි චිත්‍රපටයේ තමයි මම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙ චරිතයක් නිරූපණය කරන්නෙ. ඒක ඇත්තටම මගෙ රංගන ජීවිතේ සුවිශේෂී චරිතයක්. මොකද මම විවිධාකාර චරිත නිරූපණය කරලා තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙ චරිතයක් නිරූපණය කරපු පළමු අවස්ථාව තමයි මේ.

කොහොමද ඔබට මේ වෙනුවෙන් අවස්ථාව ලැබෙන්නේ?

මේ පොඩි රැුඩිකල් ස්වාමීන් වහන්සේ කෙනෙක්. අසාධාරණයට එරෙහිව කෑ කෝ ගහන කතා බහ කරන චරිතයක්. උන්වහන්සේගේ තර්කය වෙන්නෙ මේ සමාජයේ හැමෝම එක සමානව ජීවත් වෙන්න ඕනෑ කියන දේ. ඉතින් මට මෙහි අධ්‍යක්ෂවරයා ප්‍රදීප් තමයි කතා කරලා කිව්වෙ මේ වගේ චරිතයක් තියෙනවා කරමුද කියලා. මමත් බොහොම කැමැත්තෙන් භාරගත්තා.

මේ වෙනුවෙන් මොනවගේ කැප කිරීමක් ද කළේ?

අධ්‍යක්ෂවරයා මුලින්ම මගෙන් ඇහුවා රැවුල කපන්න එහෙම පුළුවන්ද අනිත් නාට්‍යක් එක්ක සම්බන්ධ වෙලා ඉද්දී ඒ වගේ දේවල්. මටත් හිස මුඩු කරලා රැවුල කපන එක පොඩි අභියෝගයක් වුණා. නමුත් රැවුල නම් කැපුවා. හිස මුඩු කළේ නම් නෑ. ඒ වෙනුවෙන් එහි අංග රචනා ශිල්පියා ඒ කර්තව්‍ය මැනවින් ඉටු කළා. පැය 3 1/2 කාලයක් ඒ වෙනුවෙන් යොදවන්නත් සිදුවුණා. ඉතින් මම ඒ කැපවීම් කළා. ඒක මට ලොකු සතුටක්.

ඔබ පළමු වතාවටනේ මෙවැනි චරිතයක් කරනවා කිව්වේ? ඉතින් සිවුරක් මුලින්ම ඇඟට දාද්දී මොනවගේ හැඟීමක්ද ඇති වුණේ?

ඇත්තටම බොහොම පහන් හැඟීමක්. සාමකාමී නිදහස් හැඟීමක් තමයි එන්නේ. සිවුර ඇඟලාගත්ත මොහොතේ සිටම සාමාන්‍ය චරියාවත් ටිකක් වෙනස් වුණා. සාමකාමීව, දැහැමිව ගත කරන්නට ලැබුණා. ඒක නිසාම ඒක සතුටක්. ඒ වගේම දර්ශන තලයේදී හැමෝම ආසනයක් දීම සහ ළඟ එනකොට නැගිටීම වගේ දේවල් කළා. ඉතින් අමුතුවෙන් දේවල් මට ඒ වෙනුවෙන් එකතු කරගන්න වුණේ නෑ. හැමෝගේම සහයෝගය ලැබුණා.

ඔබ වෙනත් ආගමකනෙ. ඉතින් බෞද්ධාගමික හිමිනමක් වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නෙ?

මම හිතන්නෙ ඒක තමයි මගෙ ලොකුම වාසනාව. වෙනත් ආගමක ඉඳලා සිවුරක් ඇඟලා ගත්තම ගෞරවය කියන දේ තවත් වැඩියි. එහෙම වුණාම තවත් හොඳින් ඒ චරිතය කරන්නට අදහසක් එනවා. ඒ නිසාම මම සිවුරේ ගෞරවයත් ශාසනේ ගෞරවයත් හිතේ දරාගෙන ඒ සඳහා කරන ක්‍රියාපටිපාටිය තමයි සිද්ධ කළේ. මම හිතන්නෙ ඒක හොඳ අවස්ථාවක්. ඒ වගේම හෙට අනිද්දා එන්න තියෙනවා ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යයක්ෂවරයාගේ ඝර සරප සිනමා නිර්මාණය. එහි මම රඟපාන්නෙ කතෝලික පූජක වරයෙක්ගෙ චරිතයක්. ඒක ඉතින් රංගන ශිල්පියෙකුට විශේෂ අවස්ථාවක්. මොකද චිත්‍රපටයක කතෝලික පියතුමෙක් වෙලා ටෙලි චිත්‍රපටයක ස්වාමීන් වහන්සේ නමක් වෙන්න ලැබීම.

ඒක අලූත් අත්දැකිමක් දාගත්තම වෙනදා වගේ දුවලා පැනලා ඉන්න බෑනෙ? කොහොමද ඒ දේවල්වලට මුහුණ දුන්නේ?

දුවලා පැනලා ඉන්න උවමනාවක් වුණේ නෑ. මට නිෂ්පාදන කණ්ඩායමෙන් ලැබුණ සහයෝගයක් ඉතා විශිෂ්ටයි. ඔවුන් තමයි ඉතාමත් පරිස්සමින් වැඩිපුර ජනතාව රැුඳෙන ස්ථානවල රැුඳෙන්න දෙන්නෙ නැතිව මේ දේවල් කරගන්න ශක්තියක් වුණේ. මොකද ජනතාව මේ විදිහට මාව දකිද්දි ඇවිල්ලා වන්දනා මාන කරනවනෙ. මම රංගන ශිලිපියෙක් කියන එක ඔළුවට එන්නෙ නෑනෙ. ඉතින් මට මේ දේවල් එක්ක හිතුණ දෙයක් තමයි ජනතාව කොච්චර ශක්තිමත්ද කහ සිවුරක් දැකපු තැන ඔවුන් ඇවිල්ලා වන්දනා මාන කිරීම. ඒක ඇතත්ටම විශේෂ දෙයක්.

ඔබට මොනවගේ අධ්‍යනයක්ද කරන්න ලැබුණෙ?
කොහොමත් බුද්ධාගම පිළිබඳව මගෙ තියෙන්නෙ පහන් හැඟීමක්. ඒ පිළිබඳව අධ්‍යනයක් කරලා තියෙනවා. මගෙ බිරිඳ බුද්ධාගමේනෙ. ඒ නිසාම පන්සලත් එක්ක ගණුදෙනු කිරීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ස්වාමින් වහන්සේ කෙනෙක් මවාගෙන ඒ චරිතයට ප්‍රවිෂ්ට වුණේ.

භික්ෂු චරිත කිරීම අනිත් චරිතවලට වඩා අපහසුද?

අපහසුතාවය වෙන්නේ මෙහෙමයි. නළුවා තුළ ඒ සඳහා ස්වයං ශික්ෂණයක් තියෙන්න ඕනෑ. ඒ ශික්ෂණයත් එක්කම තමයි මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ. මොකද බණ පද හරියටම කට පාඩම් කරන්න ඕනෑ සහ ඒ කතා කරන භාෂා විලාශයන්. යම්කිසි පහන් හැඩයක් පාවිච්චි කරන්න වුණා. ඒ වගේම මේ චරිතයට බද්ධ වුනු ශික්ෂා පද යම්කිසි මට්ටමකට අධ්‍යනය කළා. ඒකෙන් ප්‍රයෝජනය ලැබුණා.

ඔබව දකින්න ලැබෙන්නෙ වැඩිපුර දුෂ්ට චරිත වලින්නෙ? ඒ චරිත එක්ක මේ වෙනස කොහොමද දකින්නෙ?
ඒක ලොකු වෙනසක් රංගන ශිල්පියෙකුට ඉතාමත් කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. මෙහි අධ්‍යක්ෂවරයා මේ වගේ චරිතයක් මම ඉදිරිපත් කරනවා කිව්වම ඒක සමහර අයට විශ්මය දනවන කාරණයක් වෙලා තියෙනවා. මම මේ වගේ චරිතයක් රඟපාලම නැනෙ. ඉතින් මම බොහොම සාමකාමීව මේ චරිතය නිරූපණය කළා.

මොනවගේ දේවල්ද ඔබ මේ චරිතය වෙනුවෙන් කළේ?
ඇත්තටම මේ චරිතයත් එක්ක කැප කිරීමක් කරන්න වුණා. ඇවිදන විදිය, ඇඳුම ලා ගත්තට පස්සෙ ඇවිදින විදිය පරිස්සම් වුණා. වාඩිවෙන විදිය, සමහර අය එක්ක ගණුදෙනු කරන විදිය, ඒ හැමදේටම පරිස්සමින් ගණදෙනු කළේ. අවේලාවෙහි ආහාර ගත්තෙ නෑ. ජනතාව ගැවසෙන තැන්වල වැඩිය ගැවසුණේ නෑ. ඒවත් එක්ක ඉතින් ඇත්තටම මම බොහොම සතුටින් මේ චරිතය වැළඳගත්තා

මස් මාංශවලන් එහෙම තොර වුණාද?
කොහොමත් මම මස් මාළු වලට වැඩි රුචියක් දක්වන කෙනෙක් නෙමෙයි. ඒ කාලය තුළදී කොහොමත් මස් මාංශවලින් තොරවෙලා හිටියා.

මේ දේවල් එක්ක මොනවද ඔබ දායක වෙන අනිත් නිර්මාණ?
මේ දිනවල මම වේදිකා නාට්‍යක් කරනවා. මමයි ආණ්ඩුව කියලා. ඒ නාට්‍යය මේ මාසෙ 23 ලයනල් වෙන්ඞ්ට් හීදී වේදිකා ගත වෙනවා.

මේ දේවල් එක්ක ගතවෙන ජීවිතේ කොහොමද?
කලා කටයුතු එක්ක ජීවිතේ ගෙවෙනවා. දරුවොත් දැන් විවාහ වෙලා ගිහින්. මමයි බිරිඳයි විතරයි ගෙදර ඉන්නෙ. අපි දෙන්නා ඉතින් ජීවිතේ පිළිබඳව ස්මරණය කරමින් ඉන්නවා.


News Articles
Latest Videos
Most Popular Post