News Line| Off Air| Games
Generic placeholder image

Mar
26

රාවණා වංශයට නෑකම් කියන සීගිරිය ඇතුලෙන් තවත් සීගිරියක් මතුවෙයි.

1993 Views


රාවණා වංශයට නෑකම් කියන සීගිරිය ඇතුලෙන් තවත් සීගිරියක් මතුවෙයි.

සීගිරිය කියන්නේ අපේ රටේ තියෙන ලෝක උරුමයක්. ලංකාව අතීතයේදී කොච්චර දියුණුද කියලා පෙන්වන්න තියෙන හොඳම උදාහරණයක්. ඒ නිසාම තවමත් සීගිරිය සහ ඒ අවට ප්‍රදේශ වල පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කැනීම් කටයුතු කරගෙන යනවා. ඒ විදිහට සීගිරියේ උතුරු දිය අගලේ කරපු කැනීමක දී ටෙරාකොටාවලින් හදපු සිංහ රූපයක් හම්බවෙලා තියෙනවා.

මේ මගින් සීගිරිය සම්බන්ධව ඉතා වැදගත් කරුණු රැසක් අනාවරණය කරගන්න පුළුවන් කියලයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතා කියන්නේ.

සියවස් ගණනාවක් පුරා සීගිරියේ සිංහ රුව සම්බන්ධව විවිධ අනුමාන තිබුනත් උතුරු දිය අගලේ තිබිලා හම්බවුණු මේ කුඩා සිංහ රුපයත් සමඟ සිංහපාදයට ඉහළින් තිබූ සිංහ රුපයේ ස්වරූපය හා වාස්තු විද්‍යාත්මක ගෘහ නිර්මාණ ශිල්පය ගැන ස්ථිර අදහසක් ප්‍රකාශ කිරීමට හැකියාව දැන් ලැබිලා තියෙනවා.

ඒ අනුව දැනට සීගිරියේ සිංහපාද කොටස පමණක් ඉතිරිව තිබුණත් සීගිරියේ සිංහ රුව කිසියම් මැටි මිශ‍්‍රණයක් යොදා සකස් කර ඇති බවත් මෙලෙස හමු වූ ටෙරාකොටා වලින් සකස් කර ඇති කුඩා සිංහ රුව එහි අනුරුවක් වන්නට ඇති බව අනුමාන කළ හැකි බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

කැණීම තුළින් හමු වී ඇති මැටි බඳුන් විදේශීය සම්භවයක් සහිත බැවින් සීගිරි කාශ්‍යප රජ සමයේ දී පැවති ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබිඹු වන බවත් විශේෂයෙන් රෝමය හා මධ්‍යම ආසියාතික රටවල් සමඟ දියුණු වෙළඳ සබඳතාවක් පැවති බව මෙම පුරාවස්තු මඟින් පැහැදිළි වන බවත් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

සිංහ රූපයට අමතරව පබළු, යකඩ, පුරාවස්තු, ටෙරාකොටා මැටි බඳුන් ඇතුළු පුරාවස්තූන් රැසක් ද මෙම කැනීම් වලින් හමුවී තිබෙනවා. ඒ අනුව රාවණා රජුගේත් සම්බන්ධයක් තියෙනවා කියන සීගිරිය ගැන තවත් තොරතුරු ඉස්සරහට දැනගන්න ලැබේවි.


News Articles
Latest Videos
Most Popular Post