News Line| Off Air| Games
Generic placeholder image

Aug
2

කෙටි කලකින් ලංකාවම වශී කරගත් සියත 24 පළමු වන සංවත්සරය අදයි…

944 Views


කෙටි කලකින් ලංකාවම වශී කරගත් සියත 24 පළමු වන සංවත්සරය අදයි…

ශ‍්‍රී ලාංකේය ඩිජිටල් මාධ්‍ය කලාවට නව මානයක් එක් කරමින් ලක්ෂ සංඛ්‍යාත වෙබ් පාඨකයන්ගේ හදවත දිනා ගත් සියත 24 වෙබ් අඩවියේ පළමුවන සංවත්සරය අදයි.

සියත 24 අද සිය පළමු සංවත්සරය සමරනු ලබන්නේ හැඳල ජාතික ළාදුරු රෝහල කේන්ද්‍රකර ගනිමින්.

මෙම රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගන්නා සුව කළ නොහැකි ළාදුරු රෝගීන් 29 දෙනාගේ මානසික සුවය වෙනුවෙන් අද වශේෂ වැඩසටහනක් පැවැත්වෙනවා. ඒ ජනප‍්‍රිය කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන්.

මෙම වැඩසටහනේ විශේෂ අවස්ථා අද උදෑසන 10 සිට සියත FM Facebook පිටුව ඔස්සේ සජීවීව විකාශය කිරීමටද මේ වනවිට සියල්ල සූදානම්.

මෙරට ඩිජිටල් මාධ්‍යකරණයට නැවුම් වූ වෙනසක් එක් කරමින් 2017 වසරේ අගෝස්තු මස 2 වනදා සියත 24 වෙබ් අඩවිය ආරම්භ වන්නේ සියත එෆ් එම් නාලිකාවට අයත් කාලීන තොරතුරු සහ විනොදාත්මක වෙබ් අඩවිය ලෙසයි.

ගත වූ වසරක කෙටිකාලය තුළ සියත 24 අන්තරජාලය තුල සහ සමාජමාධ්‍ය තුළ පෙරමුණට පැමිණෙන්නේ විශ්වාසනීයත්වය සහ ගුණාත්මකභාවය නොවෙනස්ව රැකගනිමන්.

සංගීත ප‍්‍රසංග, අවුරුදු උත්සව, අන්තර් පාසල් මහාක‍්‍රිකට් තරඟ සහ පාසල් රථ පෙරපාලි ඇතුලූ වැඩසටහන් ගණනාවකට සියත 24 ඩිජිටල් මාධ්‍ය අනුග‍්‍රහය ලබාදෙන්නේ තාරුණ්‍ය ස්පර්ශ කල යුගයේ වෙබ් අඩවිය බවට පත්වෙමින්.

සාමාන්‍ය වෙබ් අඩවි සම්ප‍්‍රදායෙන් ඔබ්බට ගොස් වෙබ් කුටියෙන් බැහැර සමාජ යථාර්ථය හඳුනාගත් මෙරට ප‍්‍රමුඛතම වෙබ් අඩවිය ලෙස ගවේෂණාත්මක වෙබ් වාර්තාකරණයට සියත 24 තව දුරටත් සූදානම්.

නවතම ප‍්‍රවෘත්තී සහ ලොව පුරා තතු විත්ති – ඡායාරූප සහ වීඩියෝ දර්ශණ සහිතව එසැනින් නරඹන්න, නිරතුරුව පිවිසෙන්න www.siyatha24.lk වෙබ් අඩවියට.


News Articles
Latest Videos
Most Popular Post