News Line| Off Air| Games
Generic placeholder image

Jul
13

ජනාධිපති හිටපු කාර්යමණ්ඩල ප‍්‍රධානියා සහ සභාපති ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

344 Views


ජනාධිපති හිටපු කාර්යමණ්ඩල ප‍්‍රධානියා සහ සභාපති ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

ජනාධිපති හිටපු කාර්යමණ්ඩල ප‍්‍රධානියා වන ආචාර්ය අයි.කේ.මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සැකකරුවන් අද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්ථාවේදීයි.

රුපියල් කෝටි 10ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක මුදලක් ලබා ගැනීම ඔවුන්ට එල්ල වී ඇති චෝදනාවයි.

පුද්ගලික සමාගමක් වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍‍්‍ර සුත‍‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට ඔවුන් එම අල්ලස් මුදල ලබා ගෙන ඇති බව පවසමින් ඔවුන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැණුනේ පසුගිය මැයි මස 03 වනදා යි.

SIYATHA EVENING NEWS | 06:30 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post