News Line| Off Air| Games
Generic placeholder image

Jul
2

රෝයි ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා

707 Views


රෝයි ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා

අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ සිනමාවේදී රෝයි ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. ඒ කලාකරුවන් ඇතුලූ රසිකයින්ගේ දුක් සෝ සුසුම් මධ්‍යයේයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ද අද පෙරවරුවේ රෝයි ද සිල්වා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූවා.

බොරැල්ලේ පිහිටි මල් ශාලාව වෙත පැමිනි ජනාධිපතිතුමා රෝයි ද සිල්වා මහතාගේ බිරිද වන සුමනා අමරසිංහ මහත්මියට සිය ශෝකය පල කලා.

ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු සහ රංගන ශිල්පියෙකු වූ රෝයි ද සිල්වා මහතා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අලූ‍යම අභාවප‍්‍රාප්ත වූනා. අභාවප‍්‍රාප්ත වනවිට රෝයි ද සිල්වා මහතා 80 වන වියේ පසු වුනා.

වේදිකා නාට්‍ය රංගනයෙන් සිය කලාදිවිය ආරම්භ කල රෝයි ද සිල්වා මහතා රංගන ශිල්පියෙකු, අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු, තිර රචකයෙකු මෙන්ම පසුබිම් ගී ගායකයෙකු ලෙස ද හෙළ සිනමාව සුපෝෂණය කිරීමට දැක්වු දායකත්වය අති විශාලයි.

සිනමාවේ කඩා වැටීමක් පැවති 1990 දශකයේදී සිනමා පට 7 ක් අධ්‍යක්ෂණය කරමින් ආදායම් වාර්තා අතරට පැමිණෙන්නට රෝයි ද සිල්වා මහතාට හැකි වූයේ බිඳ වැටුණු සිනමාවට යළි ජීවය ලබා දෙමින්.

සුමිතුරෝ, චෙරියෝ ඩාලිං, චෙරියෝ කැප්ටන්, ? ඩැනියෙල් දවල් මිගෙල්, රැුජිණ මමයි, විජේ සහ අජේ, ඔක්කොම කණපිට සහ ගෙදර බුදුන් අම්මා ආදී සිනමාපට රැුසක් ඒ මහතාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණා.

SIYATHA FM EVENING NEWS | 06:30 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post