News Line| Off Air| Games
Generic placeholder image

Jul
2

ගෝඨාභය රාජපක්ෂ ඉදිරි දින කිහිපයේ දී පොදු ජන පෙරමුණ හා එක්ව දේශපාලනය කිරීමට සූදානමක්

498 Views


ගෝඨාභය රාජපක්ෂ ඉදිරි දින කිහිපයේ දී පොදු ජන පෙරමුණ හා එක්ව දේශපාලනය කිරීමට සූදානමක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපයේ දී පොදු ජන පෙරමුණ හා එක්ව දේශපාලනය කිරීමට සූදානම් බව ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුනු කාර්යාලයට පැමිනීමට නියමිත බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කලේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීම මේ වන විට පැවැත්වෙනවා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේ දීයි. මෙම රැස්වීම සදහා ආන්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම ද එක්ව සිටිනවා.

SIYATHA FM EVENING NEWS | 06:30 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post