News Line| Off Air| Games
Generic placeholder image

Jul
5

දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දස දෙනා ඇප මත මුදාහැරෙයි.

352 Views


දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දස දෙනා ඇප මත මුදාහැරෙයි.

කිලිනොච්චිය අම්බාල්කුලම් ප‍්‍රදේශයේදී පොලූ මුගුරුවලින් පහර දී අමානුෂික ලෙස දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවන් දස දෙනා ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ සැකකරුවන් අද කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් එම් ගනේෂ රාජා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයට අනුවයි.

පසුගිය මස 29 වනදා සිට රක්ෂිත බන්ධනාගාරතව සිටි සැකකරුවන් පසුගිය 03 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
සැකකරුවන් හඳුනාගෙන මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිරීමට පියවරගෙන තිබුණේ වන ජීවි නිලධාරීන් විසින් කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වීඩියෝ දර්ශන අනුවයි.

දිවියා ඝාතනය කිරීමට සම්බන්ධ සෙසු සැකකරුවන් කොළඹ හා මඩකලපුව ප‍්‍රදේශවලට පැනගොස් සැඟවී සිටින බවට වාර්තා වී ඇති අතර අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කි‍්‍රයාත්මකයි.

SIYATHA FM EVENING NEWS | 06:30 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post