News Line| Off Air| Games
Generic placeholder image

Jul
5

විජයකලා මහේෂ්වරන්ගේ ඉල්ලා අස්වීම ඉදිරි දින 2 තුළදී

401 Views


විජයකලා මහේෂ්වරන්ගේ ඉල්ලා අස්වීම ඉදිරි දින 2 තුළදී

රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා. විජයකලා මහේෂ්වරන් මහත්මිය ඒ බව කියා සිටියේ රජයේ දමිල රූපවාහිනි නාලිකාවකට ඒ පිලිබදව අදහස් දක්වමින්.

විජයකලා මහේෂ්වරන් මහත්මිය වැඩිදුරටත් සදහන් කලේ සිය ඉල්ලා අස් වීම පිළිබදව මේ වන විට ජනාධිපතිතුමා සහ අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බව යි. ඒ අනුව ඉදිරි දින 02 තුළදී ඇය එම ධූරයෙන් ඉල්ලා අස් වීමට නියමිතයි. ඇය මෙතෙක් කටයුතු කලේ ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍යධූරයේයි.

විජයකලා මහේෂ්වරන් මහත්මිය ඊයේ රාත‍්‍රියේ අරලියගහ මන්දිරයට පැමිණ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද හමු වුනා
ඒ කොළඹට පැමිණ තමා හමුවන්නැයි අග‍්‍රාමාත්‍යවරයා කළ දැනුම් දීමකට අනුවයි.

උතුරේ ජනතාවට මතුව ඇති ගැටලූ නිරාකරණය කර ගැනීම සදහා එල් ටී ටී ඊ් සංවිධානය මෙරට තුල යලි ස්ථාපිත විය යුතු බව රාජ්‍ය අමාත්‍ය විිජයකලා මහේෂ්වරන් මහත්මිය ප‍්‍රකාශ කලේ පසුගිය 2වනදා යාපනය ප‍්‍රදේශයේ පැවති ජනපති නිල මෙහෙවර වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින්.

SIYATHA FM EVENING NEWS | 06:30 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post