News Line| Off Air| Games
Generic placeholder image

Jun
25

තැපැල් සේවකයින්ගේ ගැටළුට විසඳුම් හෙට දිනය වන විට

414 Views


තැපැල් සේවකයින්ගේ ගැටළුට විසඳුම් හෙට දිනය වන විට

තැපැල් සේවකයින්ගේ ගැටළුට විසඳුම් හෙට දිනය වන විට ලබාදීමට බලාපොරොත්තු වන බව තැපැල් සේවා අමාත්‍ය ඒ.එච්.එම් හලීම් මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වන විටත් තැපැල් සේවකයින්ගේ ඉල්ලීම් ලබාදීමට අවශ්‍ය සියලූ‍ කටයුතු රජය විසින් ගෙන ඇති බවයි.

හෙට රැ ස්වන වැටුප් කොමිෂන් සභාව විසින් තැපැල් සේකයින්ගේ වැටුප් යෝජනාව අනුමත කිරිමෙන් අනතුරුව එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සිට ගැටලූ සදහා හෙට දිනයේ දී විසදුම් නොලැබුණහොත් සිය වර්ජනය දැඩි කරන බවයි වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සදහන් කලේ.

තැපැල් සේවකයින් අද කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක ද නිරත වුණා. ඒ හේතුවෙන් මරදාන සිට කොටුව දක්වා මාර්ග වූ අතර කොළඹ නගරයේ දැඩි රථ වාහන තදබදයක් ද හට ගත්තා.

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කල දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය අද ක‍්‍රියාත්මක වන්නේ 15 වන දිනටයි.

බදවා ගැනීම් සහ වැටුප් ගැටලූ ඇතුලූ ගැටලූ කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති මෙම දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයට අවතීර්ණ වුනේ පසුගිය 11 වනදායි.

SIYATHA FM MAIN NEWS | 06:30 PM | Editor: Nayomi Karunasinghe 


News Articles
Latest Videos
Most Popular Post