News Line| Off Air| Games
Generic placeholder image

Jul
4

බැදුම්කර ගණුදෙණුවේ සී 350 ලේඛනය ප‍්‍රසිද්ධියට පත් කිරීමට නීතිපති අනුමැතිය

386 Views


බැදුම්කර ගණුදෙණුවේ සී 350 ලේඛනය ප‍්‍රසිද්ධියට පත් කිරීමට නීතිපති අනුමැතිය

මහ බැංකු බැදුම්කර ගණුදෙණුව පිළිබඳ විමර්ශන සිදුකල ජනාධිපති කොමිසම් වාර්තාවේ සී 350 ලේඛනය ප‍්‍රසිද්ධියට පත් කිරීමට නීතිපතිවරයා අනුමැතිය ලබාදී ඇති බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.

සියත ප‍්‍රවෘත්ති කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීනා රූපසිංහ මහත්මිය පැවසුවේ ඕනෑම පුද්ගලයෙකුට අද සිට අදාළ ලේඛනය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකි බවයි.

ඒ සදහා වන විශේෂ පති‍්‍රකාව පුරවා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් එම ලේඛනය ලබා ගත හැකි වනවා.

සී 350 ලේඛනය ප‍්‍රසිද්ධ කිරීමට පියවර ගන්නා ලෙස පාර්ශව රැුසකින් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳ නීතිපති උපදෙස් ලබා ගැනීමට ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා පියවර ගත්තා.

ලේඛනය නිකුත් කිරීමෙන් පරික්ෂණ කටයුතුවලට බාධා සිදු නොවන බවයි නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දුන්නේ.

අනතුරුව ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් මත එම ලේඛනය ප‍්‍රසිද්ධ කිරීමට ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මේ අතර තමන් ඉල්ලා සිටියේ සම්පූර්ණ බැඳුම්කර වාර්තාව මිසක් පිටු 127 ක් වු සී 350 ලේඛනය පමණක් නොවන බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කේන්‍ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා.

SIYATHA FM MAIN NEWS | 06:30 PM | Editor : Shanuka Karunarathne


News Articles
Latest Videos
Most Popular Post