News Line| Off Air| Games
Generic placeholder image

Jun
25

ගල්කිස්ස රත්මලාන, චකින්දාරාම ප‍්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබිම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසියෙන් පරීක්ෂණ

410 Views


ගල්කිස්ස රත්මලාන, චකින්දාරාම ප‍්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබිම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසියෙන් පරීක්ෂණ

ගල්කිස්ස රත්මලාන, චකින්දාරාම ප‍්‍රදේශයේදී අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබිම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්්‍යාලය සදහන් කලේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

ගල්කිස්ස රත්මලාන, චකින්දාරාම ප‍්‍රදේශයේදී අද පෙරවරු 07 20 ට පමණ සිදුවූ එම වෙඩි තැබීමෙන් යුධ හමුදා කෝප‍්‍රල්වරයෙකු තුවාල ලැබුවා.

චකින්දාරාම මාවතේ පිහිටි ලූතිනන් කර්නල්වරයෙකුගේ නිවසක සිටියදී කෝප‍්‍රල්වරයා මෙම වෙඩි ප‍්‍රහාරයට ලක් වී ඇති බවයි පොලිසිය සදහන් කළේ. පොලීසිය පැවසුවේ තී‍්‍රරෝද රථයකින් සහ යතුරු පැදියකින් පැමිණි කිහිපදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි. තුවාල ලැබූ කෝප‍්‍රල්වරයා මේ වනවිට කලූබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ අතර කොටහේන පොලිස් වසමේ ජම්පටාවිදිය, 137 වත්ත ප‍්‍රදේශයේදී ඊයේ රාති‍්‍රයේදීයි සිදුකළ වෙඩි තැබීමකින් තවත් පුද්ගලයෙකු තුවාල ලැබුවා. එම වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. කොටහේන පොලීසිය සදහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි.

ගත වූ සති කිහිපයක කාලය තුල දිගින් දිගටම වෙඩි තැබීමේ සිද්ධින් වාර්තා වුනා. පසුගියදා මාතර ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට එල්ල වූ වෙඩි ප‍්‍රහාරය කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට එල්ල වූ වෙඩි ප‍්‍රහාරය ඒ අතරින් කිහිපයක්

SIYATHA FM MAIN NEWS | 06:30 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post