News Line| Off Air| Games
Generic placeholder image

Jun
25

2020 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඒකාබදධ විපක්ෂය තුල අර්බුදයක්

695 Views


2020 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඒකාබදධ විපක්ෂය තුල අර්බුදයක්

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුනේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා පිලිබදව මේ දින වල දැඩි කතාබහක් මතුව තිබෙනවා. ආණ්ඩු පාර්ශවය පවසන්නේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඒකාබදධ විපක්ෂය තුල අර්බුදයක් හටගෙන ඇති බවයි.

ඒ අතර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සදහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සිවු දෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උයද ගම්මන්පිල මහතා පසුගියදා ප‍්‍රකාශ කලා.

ඔහු සදහන් කලේ ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හිටපු කතානායක චමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ නම් ඒ සදහා යෝජනා වී ඇති බවයි.

එවැනි දේශපාලන පසුබිමක් තුල ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වන ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා ඇතුලූ දේශපාලඥයින් සිය අදහස් පල කලා.

ඒ අනුව අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කලේ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ වන තෙක් තමන්ට දැනුම්දීමක් සිදු කර නොමැති බව යි.

ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කිරීම සදහා මේ වන විට පියවර ගෙන ඇත්දැයි මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඔහු ඒ බව සදහන් කලා.

SIYATHA FM MAIN NEWS | 06:30 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post