News Line| Off Air| Games
Generic placeholder image

Jun
26

ධනංජය ද සිල්වාගේ පියාගේ ඝාතනයට තොරතුරු දුන් බවට සැක කෙරෙන දුරකතනයක් රත්මලාන ප‍්‍රදේශයේ පිහිටි ඇළකින් සොයාගැනෙයි.

384 Views


ධනංජය ද සිල්වාගේ පියාගේ ඝාතනයට තොරතුරු දුන් බවට සැක කෙරෙන දුරකතනයක් රත්මලාන ප‍්‍රදේශයේ පිහිටි ඇළකින් සොයාගැනෙයි.

ක‍්‍රිකට් ක‍්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා රංජන් ද සිල්වා මහතා වෙඩි තබා ඝාතනය කිරීමට ඔහු සිටිනා තැන ගැන තොරතුරු ලබා දුන්නේයැයි සැක කරන දුරකතනයක් රත්මලාන ප‍්‍රදේශයේ පිහිටි ඇළක තිබී අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරන විමර්ශනයකට අනුවයි.

රංජන් ද සිල්වා මහතා සිය නිවසේ සිටියදී වෙඩි ප‍්‍රහාරයකට ගොදුරු වුණේ පසුගිය මස 24 වනදායි. නාඳුනන පිරිසක් මෝටර් රියකින් පැමිණ ටී-56 ගිනි අවියක් භාවිතා කර එම වෙඩි තැබීම සිදු කර තිබූණා.

ඝාතනය වන විට 62 වැනි වියේ පසු වූ රංජන් ද සිල්වා මහතා පළාත් පාලන මැතිවරණයට තරඟ කොට දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත‍්‍රීවරයකු ලෙස තේරී පත්වී සිටියා.

SIYATHA MID DAY NEWS | 12:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post