News Line| Off Air| Games
Generic placeholder image

Jul
10

පිටකොටුව හෙට්ටිවීදිය ප‍්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ආරවුලක් මත සිදු වූවක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක්.

553 Views


පිටකොටුව හෙට්ටිවීදිය ප‍්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ආරවුලක් මත සිදු වූවක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක්.

පිටකොටුව හෙට්ටිවීදිය ප‍්‍රදේශයේදී ඊයේ පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් කොළඹ මහ නගරසභාවේ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ඝාතනය වීම මත්ද්‍රව්‍ය ආරවුලක් මත සිදු වූවක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය සදහා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ මිය ගිය මන්ත‍්‍රීවරයා ගංජා සම්බන්ධ නඩු 2කට අදාලව ඇප මත සිටි පුද්ගලයකු බවයි, 2016 වසරේදී මරදාන ප‍්‍රදේශයේදී කේරල ගංජා කිලෝ 4යි ග‍්‍රෑම් 30ක් සමග සහ වව්නියාව ප‍්‍රදෙශයේදී ගංජා කිලෝ 102 යි ග‍්‍රෑම් 980 ක් සමග මියගිය මන්ත‍්‍රීවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඊයේ සිදු වූ වෙඞ් තැබීමෙන් මිය ගියේ 40 හැවිරිදි කොළඹ නාගරික මන්ත‍්‍රී ක‍්‍රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් මහතායි. මේ අතර කොළඹ-ජම්පටාවීදියේ, සෙල්විගේ වත්ත ප‍්‍රදේශයේදී පසුගිය 8 වනදා රාති‍්‍රයේ වෙඩි තබා අඹු සැමි යුවලක් ඝාතනයට අදාලව තොරතුරු කිහිපයක් අනාවරණය වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ පසුගිය ජුනි මස 24 වනදා එම ස්ථානයේදීම සිදු වූ වෙඩි තැබීමකින් අපරාධ කණ්ඩායම් සාමාජික ගනේෂ් නැමැත්තා තුවාල ලබා ඔහුගේ බිරිද මිය ගිය බවයි. ඊට අදාළ නඩුව පසුගිය 08 වනදා කැදවා තිබූ අතර ඊයේ වෙඩි ප‍්‍රහාරය එල්ල වූ යුවලට ද එහිදි සාක්ෂි ලබා දෙන්නැයි ඉල්ලීමක් කර තිබුණා.

නමුත් ඔවුන් සාක්ෂි ලබා දීම සදහා ඉදිරිපත් නොවීම හේතුවෙන් වෙඩි තැබීම සිදුවන්නට ඇති බවටයි සැක පල කෙරෙන්නේ
කෙසේවෙතත් සැකකරුවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක‍්‍රියාත්මකයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අනෙක්පුද්ගලයින් දෙදෙනා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා
ඊයේ රාත‍්‍රී 9 න් අවසන් වූ පැය 24 තුල පමණක් දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක සිදුවූ වෙඩි තැබීම් වලින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 5ක්.

SIYATHA MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post