News Line| Off Air| Games
Generic placeholder image

Aug
13

ඇමරිකාවෙන් ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන 39 ක ප‍්‍රතිපාදන.

318 Views


ඇමරිකාවෙන් ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන 39 ක ප‍්‍රතිපාදන.

විදේශීය හමුදා සඳහා මූල්‍යමය ආධාර වැඩසටහන යටතේ ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන 39 ක ප‍්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඇමෙරිකා එක්සත් ජනපද කොළඹ තානාපති කාර්යයාලය පැවසුවේ, ඒ සඳහා කොංග‍්‍රසයේ අනුමැතිය ලැබීමට නියමිත බවයි.

බෙංගාල බොක්කේ ආරක්ෂාව සඳහා වූ ක‍්‍රියාකාරකම්, මානුෂීය සේවා හා ආපදා සහන සැලසීම සඳහා මෙම ආධාර යොදාගන්නේ කෙසේ ද යන්න පිළිබඳව ශ‍්‍රී ලංකා රජය සමග සාකච්ඡුා කරන බව අදාළ නිවේදනයේ සදහන්.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශිකා හීදර් නොයෙට් ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් සක‍්‍රියව දායක විය හැකි ක‍්‍රමවේදයන් පිළිබඳ අවධානය යොමුකර තිබෙනවා.

ඒ, පසුගිය 7 වනදා ඉන්දුනිසියාව, මැලේසියාව හා සිංගප්පූරුව යන රටවල සංචාරය කිරීමෙන් අනතුරුවයි.

බංගලාදේශය, ඉන්දුනීසියාව, මොන්ගෝලියාව, නේපාලය, පැසිෆික් දිවයින, පිලිපීනය, ශ‍්‍රී ලංකාව, වියට්නාමය හා අනෙකුත් රටවල් සමග පවත්වාගෙන යන ආරක්ෂණ වැඩපිළිවෙළ සඳහා මෙමගින් අරමුදල් සැපයෙනවා.

Siyatha Top Story | 01:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post