News Line| Off Air| Games
Generic placeholder image

Jun
25

වර්ජනයේ නිරත තැපැල් සේවකයින් කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක

474 Views


වර්ජනයේ නිරත තැපැල් සේවකයින් කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක

වර්ජනයේ නිරත තැපැල් සේවකයින් කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ හේතුවෙන් විජේවර්ධන මාවත මරදාන සිට කොටුව දක්වා මාර්ගයෙන් අවහිර වී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ වනවිට ඒ අවට දැඩි රථවාහන තදබදයක් පවතින බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ.

දීප ව්‍යාප්ත අඛණ්ඩ තැපැල් වර්ජනය සදහා අද සිට තැපැල් දෙපාර්තමේන්තුවෙන් බාහිර තැපැල් වෘත්තීය සමිති 25 ක් පමණ එක් වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

එහි කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ මෙතෙක් ක‍්‍රියාත්මක උපවාසය අද සිට මාරාන්තික උපවාසයක් බවට පත්කරන බවයි.

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කල දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය අද ක‍්‍රියාත්මක වන්නේ 15 වන දිනටයි. වර්ජනය හේතුවෙන් මේ වන විට ලිපි හා පාර්සල් බෙදාහැරීම් කටයුතු ඇතුලූ තැපැල් කටයුතු සියල්ල ඇණහිට තිබෙනවා.

බදවා ගැනීම් සහ වැටුප් ගැටලූ ඇතුලූ ගැටලූ කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති මෙම දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයට අවතීර්ණ වුනේ පසුගිය 11 වනදායි.

Siyatha Top Story | 01:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post