News Line| Off Air| Games
Generic placeholder image

Aug
7

රංගජීව හා එමිල් රංජන් යළි රිමාන්ඩ්.

367 Views


රංගජීව හා එමිල් රංජන් යළි රිමාන්ඩ්.

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යන සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ සැකකරුවන් අද යළි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කල අවස්ථාවේදීයි.

සැකකරුවන් ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත‍්‍රාත්වරයා නියෝග කලේ.

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම අතරතුර සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීම සැකකරුවන්ට එරෙහි චෝදනාවයි.

පරීක්ෂණවල ප‍්‍රමාදය හේතුවෙන් විත්තිකරුවන්ට ඇප ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි නඩුව අද කැදවු අවස්ථාවේ දී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියා.

පරීක්ෂණ වල කිසිදු ප‍්‍රමාදයක් නොමැති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

ලබන 21 වනදා දක්වා පරීක්ෂණ වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කලා

Siyatha Top Story | 01:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post