News Line| Off Air| Games
Generic placeholder image

Jun
25

පොලීසියට අල්ලස් ලබා දීමට ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

535 Views


පොලීසියට අල්ලස් ලබා දීමට ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

මෝදර, රන්දිය උයන ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් දීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ,මීට පෙර අත්අඩංගුවට ගත් කාන්තාවකට නඩු පැවරීමෙන් වලක්වා මුදාහරින ලෙස ඉල්ලා ඇයගේ හිතවතෙකු විසින් පොලිස් නිලධාරියාට එම අල්ලස් මුදල ලබාදීමට උත්සාහ කර ඇති බවයි.

එම ප‍්‍රදේශයේ කළ වැටලීමකදී 50 වන වියේ පසුවන අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග‍්‍රෑම් 5 ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන්.

ඇය සම්බන්ධයෙන් අල්ලස් ලබාදීමට ඉදිරිපත්ව ඇත්තේ, කොටහේන ප‍්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්. ඔවුන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර බොරුල්ල, වැලිමඩ, මෝදර හා ගල්කිස්ස ප‍්‍රදේශවලදී හෙරොයින් සමග තවත් සැකකරුවන් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Siyatha Top Story | 02:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post