News Line| Off Air| Games
Generic placeholder image

Jul
3

මහින්දානන්දගේ නඩුව විශේෂ මහාධිකරණය හමුවේ කැඳවීමට නීතිපතිගෙන් ඉල්ලීමක්

766 Views


මහින්දානන්දගේ නඩුව විශේෂ මහාධිකරණය හමුවේ කැඳවීමට නීතිපතිගෙන් ඉල්ලීමක්

පාර්ලිමේව්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම මගින් පවරා ඇති නඩුව ඉදිරියේදී පිහිටුවීමට නියමිත විශේෂ මහාධිකරණය හමුවේ කැදවීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉල්ලීමක් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට දැනුම් දුන්නේ අදාල නඩුව අද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

ඒ අනුව අදාල ඉල්ලීම අගවිනිසුරුවරයා වෙත සිදු ඉදිරිපත් කර ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව අදිකරණයට දැනුම් දුන්නේ. ඒ අනුව අදාල නඩුව ලබන සැප්තැම්බර් මස 4 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කලා.

මහින්දානන්ද අලූත්ගමගේ මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ පසුගිය ජනාධිපතිවරණය සමයේදී ලක් සතොසට අයත් රුපියල් කෝටි 4කට අධික මුදලකින් දාමි සහ කැරම් බෝඞ් මිලදී ගෙන බෙදා දුන්නා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

Siyatha Top Story | 02:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post