News Line| Off Air| Games
Generic placeholder image

Jun
25

දිවියා ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

539 Views


දිවියා ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

කිලිනොච්චි, අම්බාල්කුලම් ගම්මානයට කඩා වැදුණු දිවියෙකු අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරුවන් අද කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ, අවුරුදු 22, 23, 24 හා 26 යන වයස්වල පසුවන කිලිනොච්චි, ක‍්‍රිෂ්ණපුරම් යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් සිව් දෙනෙක්.

පොලීසිය විසින් සිද්ධියට අදාළ වීඩියෝ පට හා ඡායාරූප නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

දිවියා මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් 3 ක් යොදවා ඇති බවයි පොලීසිය පැවසුවේ.

කිලිනොච්චිය තෙලිප්පලෙයි ප‍්‍රදේශවාසීන් පිරිසක් විසින් ශී‍්‍ර ලංකාවට ආවේණික දිවියෙකු පොලූ මුගුරුවලින් පහරදී අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබුවේ පසුගිය 21 වනදායි.

Siyatha Top Story | 03:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post