News Line| Off Air| Games
Generic placeholder image

Jun
26

කොළඹ සිට දකුණට ලංගමෙන් අතිරේක බස් රථ සේවා – ලංගමට පහර දුන් අයෙක් අත්අඩංගුවට

665 Views


කොළඹ සිට දකුණට ලංගමෙන් අතිරේක බස් රථ සේවා – ලංගමට පහර දුන් අයෙක් අත්අඩංගුවට

ගාල්ල කොළඹ සහ මාතර කොළඹ පෞද්ගලික බස් රථ වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුව ඇති අපහසුතාවයන් අවම කිරීම සදහා අතිරේක ලංගම බස් රථ යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා

එහි මෙහෙයුම් අධිකාරි සරත් වල්ගම්පාය මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ වෙනත් ප‍්‍රදේශ වල බස් රථ එම මාර්ගය සදහා යොදවා ඇති බවයි

වර්ජනය අතරතුර එම ගමන් මාර්ගයේ ධාවනය කල ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ වලට ඊයේ රාත‍්‍රියේ සිදු කල පහර දීමට එරෙහිව මේ වන විට නීතිමය පියවර ගෙන ඇති බව ද ඔහු සදහන් කලා.

මේ අතර ඊයේ ලංගම බස් රථ වලට සිදු කල පහර දීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර කොළඹ මාර්ගයේ ධාවනය කල ලංගම බස් රථ 03 කට ගාල්ල අම්බලන්ගොඩ ප‍්‍රදේශ වලදී කිසියම් පිරිසක් විසින් පහර දී තිබුණේු ඊයේ රාත‍්‍රියේදීයි.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ දකුනු පළාත් ධාවන අධ්‍යක්ෂ ප‍්‍රදීප් චන්දන මහතා සදහන් කලේ පවතින තත්වය යටතේ සිය බස් රථ ධාවනයේ දී පොලිස් ආරක්ෂාව ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

ගාල්ල කොළඹ හා මාතර කොළඹ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ වර්ජනය හේතුවෙන් මේ වන විට මගී ජනතාව දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

මේ අතර වර්ජනයේ නිරත පෞද්ගලික බස් රථ සේවකයික් තවදුරටත් සේවයට වාර්තා නොකරන්නේ නම් අනිද්දා සිට ගමන් බලපත‍්‍ර අහෝසි කිරිමට පියවර ගන්නා බව ජාතික ගමනා ගමන කොමිශන් සභාව පවසනවා.

ගාල්ල කොළඹ හා මාතර කොළඹ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ මෙම වැඩ වර්ජනය ආරම්භ කලේ ඊයේ පෙරවරුවේදීයි.

කෙටිදුර නැවතුම් පොලවල සිටින මගීන් සිය බස් රථ වලට නංවා ගැනීමට එරෙහිව කෙටි දුර සේවා බස්රථ සේවකයන්ගෙන් එල්ල වන තර්ජනයන්ට විරෝ්ධය පල කරමින් ඔවන් මෙම වර්ජනයේ නිරත වනවා.

ඔවුන් පවසන්නේ තමන්ට කෙටිදුර නැවතුම් පොලවල සිටින මගීන්ද සිය බස්රථ වලට නංවා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.

දුර ගමන් සේවා මගී බස්රථ කෙටිදුර නැවතුම් වල මගීන් ගැනීම නිසා තමන්ගේ ආදායම පහළ බැස ඇති බව පවසමින් කලූතර පානදුර සහ මොරටුව සිය කොළඹ දක්වා වන කෙටිදුර ධාවන බස් රථ රියදුරන්ද පසුගිය 18 වනදා වර්ජනයක නිරත වුණා.

Siyatha Top Story | 03:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post