News Line| Off Air| Games
Generic placeholder image

Jul
2

උපාධිධාරීන්ට පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් රජයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම්දීමක්

546 Views


උපාධිධාරීන්ට පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් රජයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම්දීමක්

උපාධිධාරීන්ට පත්වීම් ලබා දීමට පවතින නෛතික බාධා පිළිබඳව වහාම කරුණු වාර්තා කරන්නැයි රජය නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. මෙම දැනුම් දීම් කර ඇත්තේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුවයි.

උපාධිධාරීන් 5000 කට පත්වීම් ලබාදීමට වූ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ අවස්ථාවේ එය යළි සලකා බැලිය යුතු බවට අදහස් ඉදිරිපත් වුණා. ඒ පත්වීම් ප‍්‍රදානය කිරීමට තොරාගත් උපාධිධාරීන් අතර රජයේ විශ්ව විද්‍යාල වලින් බාහිර උපාධිය ලැබූ උපාධිධාරීන්ද සිටීම හේතුවෙන්.

විශ්ව විද්‍යාල උපාධිධාරීන් සමඟ බාහිර උපාධිධාරීන්ට පත්වීම් ප‍්‍රදානය කිරීමේ විධිවිධාන කැබිනට් සංදේශයට ඇතුළත් කර තිබු හෙයින් එයට ඇතැම් අමාත්‍ය මණ්ඩල සමාජිකයන්ගේ එකඟත්වය පළ වුනේ නැහැ. එම තත්වය යටතේ විශ්ව විද්‍යාල උපාධිධාරීන්ට හා බාහිර උපාධිධාරීන්ට පත්වීම් දීමට ලබා අදාළව මීට පෙර ඉදිරිපත් වූ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකා සටහන් අධ්‍යයනය කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

කෙසේ වෙතත් සියලූ‍ම උපාධිධාරීන්ට පත්වීම් ලබා දීම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ස්ථාවරයයි. එබැවින් විශ්ව විද්‍යාල හා බාහිර උපාධිධාරීන් 5000 කගේ පත්වීම් සම්බන්ධයෙන් පවතින නෛතික බධාවන් පිළිබදව වහාම දැනුම් දෙන ලෙසයි නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ.

Siyatha Top Story | 03:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post