News Line| Off Air| Games
Generic placeholder image

Jul
4

මැදිරිගිරියේ නිවසක තිබී යුධ හමුදා උපකරණ කිහිපයක් සොයා ගැනේ

546 Views


මැදිරිගිරියේ නිවසක තිබී යුධ හමුදා උපකරණ කිහිපයක් සොයා ගැනේ

මැදිරිගිරිය නව නගරය යාය 3 ප‍්‍රදේශයේ නිවසක තිබී බෝම්බ ඇතුළු උපකරණ කිහිපයක් සොයාගෙන තිබෙනවා. ඒ 1 යි 1 යි 9 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරත් මත පොලීසිය විසින් එම නිවස පරික්ෂාවට ලක් කල අවස්ථාවේදීයි.

පොලීසිය පැවුවේ එහිදී පුද්ගල නාශක බෝම්බ 02ක්, ටී 56 ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ පිරවූ මැගසින් 06 ක් සහ එම මැගසින් රඳවන 03 ක් හමුවූ බවයි.

එහිදී යුධ හමුදා නිල ඇඳුම් කට්ටල කිහිපයක් සහ යුධ හමුදාව භාවිත කරන ජල බෝතල් 03 ක් ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් ද සොයා ගත් බව පොලීසිය සඳහන් කලා.

මෙතෙක් සිදුකල මූලික විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ අදාළ නිවස හිටපු යුධ හමුදා සාමාජිකයෙකුට අයත් නිවසක් බවටයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක‍්‍රියාත්මකයි.

Siyatha Top Story | 03:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post