News Line| Off Air| Games
Generic placeholder image

Aug
28

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු කෙසෙල්වත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට.

579 Views


අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු කෙසෙල්වත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට.

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු කෙසෙල්වත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැල්ලවත්ත දිසා දූෂණ මර්දන අංශය විසින් කළ වැටලීමකදීයි.

මෙත්ඇන්පිටමින් නොහොත් අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 502 යි මිලිග‍්‍රෑම් 400 ක් සැකකරු සතුව තිබී සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 60 කට අධිකයි.

සැකකරු 42 හැවිරිදි කොළඹ 12 ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර ගත වූ පැය 24 තුළදී මහරගම මෝදර හා පානදුර යන ප‍්‍රදේශ වලදී හෙරොයින් සමග පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Siyatha Top Story | 03:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post