News Line| Off Air| Games
Generic placeholder image

Jul
26

දුම්රිය ප‍්‍රමාදය තවදුරටත්…

517 Views


දුම්රිය ප‍්‍රමාදය තවදුරටත්…

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කල පැය 2ක හදිසි වැඩවර්ජනය මේ වන විට අවසන් කර තිබෙනවා.

දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ කෙසේවෙතත් දුම්රිය ප‍්‍රමාදය තවදුරටත් පවතින බවයි.

වර්ජනයෙන් පසුව හටගෙන ඇති දුම්රිය ප‍්‍රමාදය හේතුවෙන් මගී ජනතාව මේ වන විට දැඩි අපහසුතිවයට පත්ව සිටිනවා.

දුම්රිය ස්ථානාධිපති පාලක සහ එන්ජින් රියදුරු යන වෘත්තිකයයන් අද පස්වරුවේ වර්ජනයට එක්ව සිටියා.

අප වාර්තාකරු පැවසුවේ වර්ජනය හේතුවෙන් කොලඹ සහ මරදාන දුම්රිය ස්ථානවල මගීන් නොසන්සුන් වීමෙන් උණුසුම් තත්වයක් ද හටගත් බවයි.

දුම්රිය වෘත්තීය සමිති වැටුප් ගැටලූවක් මුල් කර ගනිමින් ලබන 30 වනදාදවැඩ වර්ජනයකට අවතීර්ණ වීමටත නියමිතයි.

Siyatha Top Story | 04:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post