News Line| Off Air| Games
Generic placeholder image

Jul
19

ගැටුම්කාරී තත්ත්වයන්ට හේතුවන ව්‍යාජ ප‍්‍රවෘත්ති ඉවත් කිරීමට ෆෙස්බුක් සමාගමෙන් පියවර.

564 Views


ගැටුම්කාරී තත්ත්වයන්ට හේතුවන ව්‍යාජ ප‍්‍රවෘත්ති ඉවත් කිරීමට ෆෙස්බුක් සමාගමෙන් පියවර.

ෆෙස්බුක් ඔස්සේ පළ කරන ගැටුම්කාරී තත්ත්වයන්ට හේතුවන ව්‍යාජ ප‍්‍රවෘත්ති ඉවත් කිරීමට ෆෙස්බුක් සමාගම පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම සදහන් කර ඇත්තේ ෆේස්බුක් මුල් කර ගනිමින් ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ඇතිවූ ගැටලූ‍කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එම පියවර ගත් බවයි.

එක් එක් රටවල ෆෙස්බුක් සමාගමට අයත් සංවිධාන වල සහයෝගයෙන් අදාළ ව්‍යාජ ප‍්‍රවෘත්ති හඳුනාගැනීමට නියමිත බව එම සමාගම නිකුත් කල නිවේදනයේ සදහන්.

එම නිවේදනයේ දැක්වෙන්නේ ඒ අනුව මතබේදකාරී සහ ගැටුම්කාරී තත්ත්වයන්ට හේතුවන ප‍්‍රකාශ සහ ඡුායාරූප සියල්ල ඉවත් කිරීමේ කටයුතු කටයුතු ආරම්භ කර ඇති බවයි.

කෙසේවෙතත් මේ වන විට ෆෙස්බුක් සමාගම සිදුකරන්නේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සඳහා අනුබල ලබාදෙන ආකාරයේ තොරතුරු ඉවත් කිරීම පමණයි.

නව පියවර යටතේ ශාරීරික හිංසනය ඇති කිරීමට හේතුවන ව්‍යාජ ප‍්‍රවෘත්ති ඉවත් කිරීමට ද තීරණය කර තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේ මහනුවර ප‍්‍රදේශයේ හටගත් නොසන්සුන්තාවය හේතුවෙන් ෆෙස්බුක් ඇතුලූ සමාජ මාධ්‍ය ජාල දින කිහිපයක් අවහිර කිරීමට රජය පියවර ගත්තා.

Siyatha Top Story | 05:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post