News Line| Off Air| Games
Generic placeholder image

Jul
24

ගාල්ල ක‍්‍රීඩාංගණය ඉවත් නොකරන බව යුනෙස්කෝවෙන් සහතිකයක්.

512 Views


ගාල්ල ක‍්‍රීඩාංගණය ඉවත් නොකරන බව යුනෙස්කෝවෙන් සහතිකයක්.

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කිසිඳු සූදානමක් නොමැති බව යුනෙස්කෝ සංවිධානයේ මෙරට සභාපති අමාත්‍ය අකිල විරාජ කාරියවසම් මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කලේ ඇතැමුන්මේ පිළිබදව අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කරන බවයි.

අනවසර ලෙස ඉදිකර ඇති ක‍්‍රීඩාගාරය ක‍්‍රමානුකූලව ඉවත් කිරීමට යුනෙස්කෝ සංවිධානය දැනුම්දී ඇති බව ද අකිල විරාජ්කාරියවසම මහතා පැවසුවා.

එම අත්තනෝමතික ක‍්‍රියාකාරකම් සිදු කළ කණ්ඩායම් විසින්ම මෙම ඉදිකිරීම ඉවත් කිරීමට එරෙහිව ජනතාව නොමග යවමින් සිටීම කණගාටුදායක තත්වයක් බවයි යුනෙස්කෝ සංවිධානයේ මෙරට සභාපතිවරයා පෙන්වා දුන්නේ.

ගාලූ ක‍්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරීම් හේතුවෙන් ගාලූ කොටුව ලෝක උරුම ලැයිස්තුවෙන ඉවත් වීමේ අවධානමක් පවතින බවට එම සංවිධානය දැනුම් දී තිබුණා.

Siyatha Top Story | 05:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post