News Line| Off Air| Games
Generic placeholder image

Aug
7

ඉරාන වෙළද හවුල්කරුවන්ට ට‍්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීමක්.

590 Views


ඉරාන වෙළද හවුල්කරුවන්ට ට‍්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීමක්.

ඉරානය සමග වෙළද ගනුදෙනු කරන කිසිදු පාර්ශවයක් ඇමෙරිකාවේ වෙළද හවුල්කරුවෙකු නොවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා.

ට‍්‍රම්ප් මේ බව ප‍්‍රකාශ කළේ ලබන නොවැම්බර් මාසයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි ඉරානයට යළි පැනවූ සම්බාධක සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කරමින්.

තෙල් අපනයනය සම්බන්ධයෙන් මෙම සම්බාධක දැඩිව කි‍්‍රයාත්මක බව ට‍්‍රම්ප් අවධාරණය කර තිබෙනවා.

තමන් ලෝක සාමය වෙනුවෙන් මෙම කි‍්‍රයාවන් සිදු කරන බව ද ඇමෙරිකානු ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිිවුඩයක් යොමු කරමින් සදහන් කළා.

කෙසේ වෙතත් ඉරාන ජනාධිපති හසන් රොව්හානි පවසා ඇත්තේ මෙය ඉරාන ජනතාව ඉලක්ක කරගනිමින් සිදු කළ තර්ජනාත්මක ප‍්‍රකාශයක් ලෙසයි.

මෙම සම්බාධකවලට යුරෝපීය සංගමය එල්ල කර ඇත්තේ දැඩි විරෝධයක්.

ඉරානයට සහාය දක්වන වෙළද පාර්ශවකරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට ඩොනල්ඞ් ට‍්‍රම්ප් ද යුරෝපා සංගමයට චෝදනා කර තිබෙනවා.

ත‍්‍රස්තවාදයට සහාය පළ කරන බව පවසමින් ට‍්‍රම්ප් ඉරානයට සම්බාධක පැනවීමට පියවර ගනු ලැබුවේ පසුගිය වසරේ අග භාගයේ සිටයි.

Siyatha Top Story | 05:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post