News Line| Off Air| Games
Generic placeholder image

Aug
14

නේවි සම්පත්ගෙන් රදවා ප‍්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර.

472 Views


නේවි සම්පත්ගෙන් රදවා ප‍්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර.

අත්අඩංගුවට ගත් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නැමැත්තාව හෙට දක්වා රඳවා තබා ගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා. ඒ, ඔහු අද කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේදීයි.

අතුරුදන්ව සිටි නේවි සම්පත් නැමැත්තා කොළඹ ලෝටස් මාවත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් මොහු දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර විවෘත වරෙන්තු 3ක් නිකුත් කර තිබුණා.

එම වරෙන්තු නිකුත් කර තිබුනේ 2007 වසරේ දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිම ඇතුලූ සිද්ධි කිහිපයකට අදාළවයි.

නේවි සම්පත් නැමැත්තාට එල්ල වී ඇති චෝදනා අතරට පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවිරාජ් මහතා ඝාතන සිද්ධියද ඇතුලත්.

පොලීසිය සදහන් කලේ සැකකරු මෙතෙක් කල් දොම්පේ ප‍්‍රදේශයේ ඉඩමක මුරකරුවෙකු ලෙස සේවය කරමින් සැඟව සිට ඇති බවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු ගාල්ලගේ අශෝක නමින් ව්‍යාජ ජාතික හැඳුම්පතක් ද සකස් කරගෙන සිටි බවද පොලීසිය ප‍්‍රකාශ කලා.

සැකකරු වැල්ලවත්ත ප‍්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි නාවික හමුදාවේ හිටපු ලුතිනන්වරයෙක්.

Siyatha Top Story | 05:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post