News Line| Off Air| Games
Generic placeholder image

Aug
24

සාකච්ඡා අසාර්ථකයි – 29 වනදා දුම්රිය වර්ජනය ස්ථීරයි.

431 Views


සාකච්ඡා අසාර්ථකයි – 29 වනදා දුම්රිය වර්ජනය ස්ථීරයි.

දුම්රිය වර්ජනය ලබන 29 වනදා ස්ථිර වශයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය තීරණය කර තිබෙනවා. එම වෘත්තීය සමිති සදහන් කලේ ජාතික වැටුප් කොමිසමේ සභාපතිවරයා සමග අද පැවති සාකච්ඡුාවද අසාර්ථක වීම හේතුවෙන් සැලසුම් කල පරිදි වර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි.

දුම්රිය සේවකයන්ගේ වැටුප් සහ ශ්‍රේණි විෂමතා ගැටලූ වලට විසදුම් ලබා ගැනීමේ අරමුණින් එම සාකච්ඡාව පැවැත්වුනා. එමගින් සිය ගැටලූ වලට ඍජු ලෙස විසදුමක් නොලැබුනු බවයි දුම්රිය වෘත්තීය සමිති සදහන් කලේ.

ලබන 29 වනදා වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති සැලසුම් කලේ සිිය ගැටලූ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමග ඊයේ පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන්.

දුම්රිය වෘත්තීය සමිති වැටුප් සහ ශ්‍රේණි විෂමතා ගැටලූ මුල් කරගනිමින් පසුගිය 8 වනදා සිට ද අඛණ්ඩ වැඩවර්ජනයකද නිරත වුනා.

කෙසේවෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුලූ රාජ්‍ය අංශයේ පවතින වැටුප් විෂමතා ගැටලූ වලට විසිදුම් ලබා ගැනීම සදහා වැටුප් කොමිසමක්ද පත් කර තිබෙනවා.

Siyatha Top Story | 05:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post