News Line| Off Air| Games
Generic placeholder image

Jul
23

කළු ගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය අද.

397 Views


කළු ගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය අද.

කළු ගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය අද පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්.

මාතලේ දිස්ති‍්‍රක්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටියේ කලූපහන ප‍්‍රදේශයෙන් ආරම්භ වන කළුගඟ, ලග්ගල- පල්ලේගම ප‍්‍රදේශයේ දී හරස් කරමින් කළු ගඟ ජලාශය නිර්මාණය කර තිබෙනවා.

ඝන මීටර් දස ලක්ෂ 248ක ධාරිතාවයකින් යුත් කලූ ගග ජලාශයේ ප‍්‍රධාන වේල්ලේ දිග මීටර් 618 ක් වන අතර එහි උස මීටර් 68ක්. වේල්ලේ මුදුණත පළල මීටර් 8ක් වනවා.

කළු ගඟ පහළ නිම්න ප‍්‍රදේශයේ නැවත පදිංචි කරනු ලබන පවුල් 3,000 ක් සදහා කළු ගඟ ජලාශයෙන් ජලය සැපයෙනවා.

මොරගහකන්ද – කළු ගඟ ජලාශ සම්බන්ධ කෙරෙන කිලෝ මීටර් 9 ක් දිග උමග සහිත ඇල මාර්ගයේ ඉදිකිරීම් ද අද දිනයේදී ඇරඹෙනවා.

වයඹ ප‍්‍රදේශයේ පවුල් 40,000 කට වසර පුරා තිරසර ලෙස වගා කිරීමටත් අනෙකුත් පානීය හා කර්මාන්ත සඳහා අවශ්‍ය ජලය සැපැයීමටත් මෙහි අරමුණයි.

කළු ගඟ ව්‍යාපෘතිය මගින් මෙගා වොට් 25 විදුලි බල ධාරිතාවක් ජාතික විදුලබල පද්ධතියට එක් කිරීමද සිදු වනවා.

Siyatha Top Story | 08:00 AM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post