News Line| Off Air| Games
Generic placeholder image

Aug
25

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට.

542 Views


අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට.

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු හික්කඩුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සැකකරුවන් රිවෝල්වරයක් සහ කඩුවක් ද සමග ඊයේ හික්කඩුව පොලිස් ස්ථානයට පැමිණ භාර වීමෙන් අනතුරුවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 18 ත් 21 ත් අතර වයස් කාණ්ඩවල පසුවන හික්කඩුව ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 05 දෙනෙක්.

සැකකරුවන් අද ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හික්කඩුව ප‍්‍රදේශයේ නිවාස හා දේපළ රැුසකට අලාභ හානි සිදු කිරීම ගිනි අවි පෙන්වා සාපරාධී බිය ගැන්වීම යන චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය විමර්ශන සිදු කරමින් සිටියා.

Siyatha Top Story | 08:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post