News Line| Off Air| Games
Generic placeholder image

Aug
7

පොල්ගහවෙල දුම්රිය අනතුරට සම්බන්ධ රියදුරුවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවයි.

814 Views


පොල්ගහවෙල දුම්රිය අනතුරට සම්බන්ධ රියදුරුවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවයි.

පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු වූ අනතුරින් පසු අඩාල වු දුම්රිය ධාවන කටයුතු එක් මංතීරුවක් මගින් සිදු කරන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. මේ වන විට ප‍්‍රමාදයකින් තොරව දුම්රිය ධාවනය සිදු වන බවයි එහි ප‍්‍රකාශකයෙකු සදහන් කලේ.

පොල්ගහවෙල පනලිය දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ පස්වරුවේ සිදුවු දුම්රිය අනතුර හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුනා.

එම අනතුර සිදු වුනේ කාර්මික දෝෂයකට ලක්ව නතර කර තිබූ දුම්රියේ පිටුපසින් පැමිණි තවත් දුම්රියක් ගැටීමෙන්. ඉන් මගීන් 32 දෙනෙකු තුවාල ලැබුවා.

අනතුරට ලක් වූ මැදිරිය ඉවත් කිරිමේ කටයුතු කඩිනමින් සිදු කරන බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කලේ.

දුම්රිය අනතුර සම්භන්ධයෙන් සොයා බැලීම සදහා ත‍්‍රිපුද්ගල කමිටුවක් ද පත් කර තිබෙනවා. ඒ ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදියි.

ඒ අනුව අනතුර සිදු කල අදාළ දුම්රිය රියදුරුවරයාගේ සේවය තාවකාලිකව නවත්වා තිබෙනවා. මෙම අනතුර සම්බන්ධව වැරදිකරුවන් වන අයට තරාතිරම නොබලා විනයානුකූලව දඬුවම් ලබා දෙන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

Siyatha Top Story | 09:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post