News Line| Off Air| Games
Generic placeholder image

Aug
15

ඉන්දියාව නිදහස් දිනය සමරයි.

1457 Views


ඉන්දියාව නිදහස් දිනය සමරයි.

2022 වසර වනවිට ඉන්දීය යානයක් අභ්‍යාවකාශගත කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප‍්‍රකාශ කර තිබෙනවා. මෝදි මේ බව සදහන් කළේ අදට යෙදී ඇති 71 වන ඉන්දීය ජාතික නිදහස් දිනය උත්සවය අමතමින්.

එරට ජාතික නිදහස් දින උළෙල අද පැවැත්වුණේ නව දිල්ලි නුවර රතු කොටුවේදීයි. නරේන්ද්‍ර මෝදි ජාතිය ඇමතීමට පෙර ආචාර වෙඩිමුර 21 ක් ද පැවත්වුණා.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව සඳහා ති‍්‍රවිධ හමුදා නිලධාරීන් යොදවා තිබෙනවා. නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ලෙස එරට ජාතික නිදහස් දින උළෙල ඇමතූ පස්වන වතාව මෙයයි.

මෝදි රජයේ අරමුදලින් ක‍්‍රියාත්මක වන ලොව විශාලත ම සෞඛ්‍ය වැඩසටහන අද ආරම්භ කෙරුණා. ආයුෂ්මාන් භාරත් ලෙස හැඳින්වෙන මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ, දරිද්‍රතාවයෙන් පෙළෙන සෑම ඉන්දීය පවුලකටම වාර්ෂිකව ලක්ෂ 5ක සෞඛ්‍ය ආවරණයක් ලබා දීමයි

ඉන්දීය මධ්‍යම රජය මේ වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 10,000 ක්. නිදහස් දින උළෙල හේතුවෙන් ඉන්දීය පාර්ලිමේන්තුව එරට ජාතික ධජවලින් සරසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

1947 වසරේ අගෝස්තු 15 වනදා බි‍්‍රතාන්‍යය පාලනයෙන් ජාතික නිදහස දිනා ගැනීම අනුස්මරණය කිරීම සඳහා ඉන්දියාවේ නිදහස් දිනය සමරනු ලබනවා.

එරට අවිහිංසාවාදයේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමාගේ මග පෙන්වීම යටතේ ගෙන ගිය අවිහිංසාවාදී විරෝධතා සහ මහජන කෝලහාල, ඉන්දියාවට නිදහස දිනා ගැනීම සඳහා ප‍්‍රධාන වශයෙන් මූලික වුණා. නමුත් එම නිදහසත් සමඟ ඉන්දීය රාජ්‍යයේ ආගමික විෂමතා හේතුවෙන් එරට ඉන්දියාව සහ පාකිස්තානය වශයෙන් බෙදීමකට ලක්වුණා.

Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post