News Line| Off Air| Games
Generic placeholder image

Aug
16

ගෑස් මිල සම්බන්ධයෙන් මිල සුත‍්‍රයක්.

366 Views


ගෑස් මිල සම්බන්ධයෙන් මිල සුත‍්‍රයක්.

ගෑස් මිල සම්බන්ධයෙන් මිල සුත‍්‍රයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් එම මිල සූත‍්‍රය සකස් කිරීමට නියමිතයි.

මෙහිදී ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ගණන් වලට සාපේක්ෂව මෙරට ගෑස් මිළ ගණන් ද අඩු වැඩි වන ලෙස එය සකස් කෙරෙනවා. ගෑස් සමාගම් රජයෙන් ඉල්ලා තිබුනේ ගෑස් මිල වැඩි කිරීමට පියවර ගන්නා ලෙසයි.

නමුත් ඒ වෙනුවට මිල සූත‍්‍රයක් සකස් කිරීමට ජීවන වියදම් කමිටුව එකග වී තිබෙනවා. අවසන් වරට ගෑස් මිල ගණන් පහළ දමනු ලැබුවේ පසුගිය ජූනි මස 29 වනදායි. ඒ, අනුව කිලෝග‍්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් පහළ දැමනු ලැබුවා.

Siyatha Top Story | 09:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post