News Line| Off Air| Games
Generic placeholder image

Aug
20

හික්කඩුව මුහුදේදී අනතුරට පත් ධීවර යාත‍්‍රාව සොයා නාවික හමුදාව මඟින් මෙහෙයුම්.

428 Views


හික්කඩුව මුහුදේදී අනතුරට පත් ධීවර යාත‍්‍රාව සොයා නාවික හමුදාව මඟින් මෙහෙයුම්.

හික්කඩුව මුහුදේදී ධීවරයින් 11 දෙනෙකු සමග අනතුරට පත් යාත‍්‍රාව සොයා නාවික හමුදාව සහ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය මගින් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. මෙහෙයුම් සදහා ගුවන් හමුදාවේ ද සහාය ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ධීවරයින් 11 දෙනා අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු ගොස් තිබුණේ ඊයේ පෙරවරුවේදීයි.

හික්කඩුවට ආසන්න මුහුදු සීමාවේදී එම ධීවර යාත‍්‍රාව රළ පහරකට හසුවී අනතුරට ලක්ව ඇති බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කළේ.

තමන් අනතුරට ලක්ව ඇති බව එම ධීවරයින් විසින් ඊයේ පස්වරුවේ සිය ඥාතීන්ට ජංගම දුරකථනයකින් අමතා දැනුම් දී තිබුණා.

ඊයේ රාති‍්‍ර 09 00 න් පසු ඔවුන් සමග පැවති දුරකථන සම්බන්ධතා බිද වැටී ඇති අතර ඥාතීන් විසින් කළ දැනුම් දීමකට අනුව මෙලෙස අතුරුදන් වූ ධීවරයින් සොයා මෙහෙයුම් කි‍්‍රයාත්මකයි.

මුහුදු ප‍්‍රදේශ වල සුලගේ වේගය පැයට කිලෝමීටර 80 ක් දක්වා ඉහල යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප‍්‍රදේශවලත් ත‍්‍රීකුණාමලය සිට මඩකලපුව දක්වා මුහුදු ප‍්‍රදේශ වලත් සුලගේ වේගය එලෙස ඉහල යා හැකි බවයි.

Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post