News Line| Off Air| Games
Generic placeholder image

Aug
22

මෝදර කලු මල්ලී පොලිස් අත්අඩංගුවට.

628 Views


මෝදර කලු මල්ලී පොලිස් අත්අඩංගුවට.

මෝදර ප‍්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රංජිත් කුමාර් නොහොත් කලූ මල්ලි නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු මාදම්පිටිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින්.

කොළඹ අවට සිදුවූ වෙඩි තැබීම් කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය 20 වනදා අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී මෙම සැකකරු පිළිබදව කරුණු අනාවරනය වූ බවයි පොලිසිය සදහන් කළේ.

අපරාධය සිදු කිරීම සදහා යොදා ගන්නා ලද යතුරු පැදිය ද සැකකරු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 22 හැවිරිදි මාදම්පිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු අද අලූත්කඬේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෝදර තැපැල් කන්තෝරුව අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබුණේ පසුගිය 03 වනදායි.

මේ අතර ප‍්‍රබල පාතාල සාමාජිකයන් වන මාකදුරේ මධුෂ් සහ මාලිගාවත්තේ කංජිපානි ඉම්බ‍්‍රාන් නැමැත්තන් විසින් කොළඹ අවට සිදු කරන ඝාතන සඳහා යොදා ගන්නා යතුරුපැදිකරුවෙක් වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post