News Line| Off Air| Games
Generic placeholder image

Sep
1

ලක්ෂ 88ක හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට.

411 Views


ලක්ෂ 88ක හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට.

රුපියල් ලක්ෂ 88ක් වටිනා හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු කඩවත, මංකඩ පාර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සැකකරු ඊයේ රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කළ පරීක්ෂාවකදීයි.

සැකකරු සතුව තිබී සොයා ගෙන ඇති හෙරොයින් ප‍්‍රමාණය ග‍්‍රෑම් 740 යි මිලිග‍්‍රෑම් 145 ක්.

ඔහු සතුව තිබූ රුපියල් දෙලක්ෂ 33 000 කට අධික මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු අද මහර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 100 ක් සමග කාන්තාවක් කෙසෙල්වත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය අද මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post