අඹේපුස්ස දුම්රිය ස්ථානය අසලදී කාර්මික දෝෂයකට ලක්වූ දුම්රිය මේ වනවිට යථා තත්වයට පත්කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. කෙසේ වෙතත් ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සුලූ ප‍්‍රමාදයකින් යුතුව සිදුවනු ඇති
පොල්ගහවෙල සිට කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් අඹේපුස්ස සහ අලව්ව අතරදී කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබුණේ අද පෙරවරුවේ සිටයි.
මේ අතර කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියක් බලන දුම්රිය ස්ථානය අසලදී අද උදෑසන පීලි පැනීමකට ලක්වුණා.
ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබූ අතර මේ වනවිට එය යථා තත්වයට පත් කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.
Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala