News Line| Off Air| Games
Generic placeholder image

Jul
31

ඡන්ද හිමි නාමලේඛනය සඳහා අභියාචනා සහ විරෝධතා ගොනුකිරීම ඇරඹේ.

396 Views


ඡන්ද හිමි නාමලේඛනය සඳහා අභියාචනා සහ විරෝධතා ගොනුකිරීම ඇරඹේ.

2018 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය සඳහා අභියාචනා සහ විරෝධතා ගොනුකිරීම අගෝස්තු මස 10 වනදා සිට ආරම්භ වනවා.

අගෝස්තු 09 වනදා සිට ඡන්ද හිමි නාමලේඛන ග‍්‍රාම නිළධාරී කාර්යාල වල ප‍්‍රදර්ශනය කරන බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඞ් මහතා සදහන් කළේ.

එහි යම් සංශෝධන සිදු කිරීමට ඇත්නම් සැප්තැම්බර් මස 06 වන දින දක්වා ඊට අදාල අභියාචනා සහ විරෝධතා ගොනු කල හැකියි.

ජන්ද හිමි නාම ලේඛණයට නම ඇතුළත් කිරීමට නොහැකි වු ජන්ද දායකයින් සදහා නම ඇතුළත් කර ගත හැකි වන්නේ අදාල කාල සීමාව අතරතුරදීයි.

ජන්ද හිමි නාම ලේඛණයට නම ඇතුළත් කිරීම සදහා එම කාල සීමාව තුළ අයදුම් කරන පුද්ගලයින් පරීක්ෂණ මණ්ඩලයක් හමුවට කැදවනු ලබනවා.

ඉන් අනතුරුව එම පුද්ගලයින්ගේ නම් ජන්ද හිමි නාම ලේඛණයට ඇතුළත් කරනවා ද නැද්ද යන්න සම්භන්ධයෙන් දිස්ත‍්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් විසින් තීරණය කරනු ඇතී.

ඔක්තෝබර් මස 05 වනදා 2018 වර්ෂය සදහා වන ඡන්ද හිමි නාමලේඛන සහතික කිරීමේ කටයුතු සිදුකරනු ලබනවා.

Siyatha Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post