News Line| Off Air| Games
Generic placeholder image

Aug
1

“පිබිදෙමු පොළොන්නරුව” ව්‍යාපෘති 180 ක් ජනතා අයිතියට.

525 Views


“පිබිදෙමු පොළොන්නරුව” ව්‍යාපෘති 180 ක් ජනතා අයිතියට.

පොළොන්නරුව දිස්ති‍‍්‍රක්කයේ කි‍්‍රයාත්මක වන ”පිබිදෙමු පොළොන්නරුව” ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කර ඇති තවත් සංවර්ධන ව්‍යාපෘති 180 ක් ජනගත කිරීම අද ආරම්භ වුණා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අමාත්‍යවරුන් සහ විද්වතුන් රැුසකගේ සහභාගිත්වයෙන් මෙම ජනගත කිරීම අද හෙට සහ අනිද්දා දිනවල සිදු කිරීමට නියමිතයි.

2015 වසරේදී ආරම්භ කරන ලද ”පිබිදෙමු පොළොන්නරුව” ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 6,000 ක්.

මෙමගින් පාසල් 85 ක භෞතික සම්පත් සම්පූර්ණ කිරීම සදහා රුපියල් මිලියන 665 ක මුදලක් වෙන් කර තිබෙනවා.

දිස්ති‍‍්‍රක්කයේ බටහිර හා ආයුර්වේද රෝහල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම යටතේ රුපියල් මිලියන 890 ක් වැය කරමින් ඉදිකර ඇති ව්‍යාපෘති 15 ක් අද ජනතා අයිතියට පැවරෙනවා.

රුපියල් දස ලක්ෂ 191 ක වියදමින් හිඟු‍රක්ගොඩ හා තමන්කඩුව යන ප‍‍්‍රදේශවල අඩු ආදායම්ලාභීන් සඳහා ඉදිකළ නිවාස ව්‍යාපෘති 15 ක් සහ රජයේ නිලධාරින් සඳහා ඉදිකරන ලද නව නිවාස ද මේ යටතේ සම්පූර්ණ කර අවසන්.

පොළොන්නරුව දිස්ති‍‍්‍රක්කයේ පිහිටි බෞද්ධ, හින්දු හා ඉස්ලාම් පූජනීය ස්ථානවල සංවර්ධනය වෙනුවෙන් සම්පූර්ණ කර ඇති ව්‍යාපෘති 15 ක් සඳහා රුපියල් මිලියන 55ක් වැය කර තිබෙනවා.

Siyatha Top Story | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post