News Line| Off Air| Games
Generic placeholder image

Aug
5

තුන්වන තරඟයේ කාසියේ වාසිය ශී‍්‍ර ලංකාවට.

524 Views


තුන්වන තරඟයේ කාසියේ වාසිය ශී‍්‍ර ලංකාවට.

ශී‍්‍ර ලංකාව සහ සංචාරක දකුණු අපි‍්‍රකාව අතර තුන්වන එක්දින තරඟය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අපි‍්‍රකාවට ලබාදුන්නා.

අද තරඟය සදහා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වෙනස්කම් 02 ක් සිදුව තිබෙනවා. ෂෙහාන් ජයසූරිය වෙනුවට සංචිතයට කැදවා ඇත්තේ ධනංජය ද සිල්වායි. කසුන් රාජිත වෙනුවට ලහිරු කුමාර අද තරඟය සදහා ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කී‍්‍රඩා කරනු ඇති.

තරඟය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ අන්තර්ජාතික කී‍්‍රඩාංගණයේදීයි. තරඟ 05 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය මේ වනවිට තරග 02 ට බින්දුවක් ලෙස ජයගෙන ඉදිරියෙන් පසුවන්නේ් දකුණු අපි‍්‍රකාවයි.

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර ටෙස්ට් තරඟාවලිය තරඟ 02 ට බින්දුවක් ලෙස ශී‍්‍ර ලංකාව ජය වාර්තා කළා.

Siyatha Top Story | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post