News Line| Off Air| Games
Generic placeholder image

Aug
7

නවක වදය ගැන දැනුම් දෙන්න දුරකතන අංකයක්.

1005 Views


නවක වදය ගැන දැනුම් දෙන්න දුරකතන අංකයක්.

විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වල සිදු වන නවක වද සිදුවීම් පිළිබදව දැනුම් දීම සදහා හදිසි දුරකතන අංකයක් හදුන්වා දී තිබෙනවා.

විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කලේ 011 21 23 700 යන දුරකථන අංකයට අදාළ සිදුවීම් පිළිබද තොරතුරු ලබා දිය හැකි බවයි.

මෙම අංකය පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා විවෘතව පවතිනවා.

නවක වද සිදුවීම් හා අනෙකුත් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිළිබදව මෙම දුරකථන අංකය හරහා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් දැනුවත් කල හැකියි.

නවක වද ක‍්‍රියාකාරකම් සම්බන්ධව 1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතන වල නවක වදය හා අනෙකුත් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා තහනම් කිරීමේ පනත බල පැවැත්වෙනවා.

එම පනත යටතේ චෝදනා ලබන්නන්ට ඇප ලබා ගැනීමට නොහැකි වන අතර අ‍ධිකරණ හමුවේ වරදකරු වුවහොත් වසර 10 ක බරපතළ වැඩ සහිත සිරදඩුවමකට යටත් විය හැකියි.

Siyatha Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post