News Line| Off Air| Games
Generic placeholder image

Aug
15

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම ආරම්භ වේ.

505 Views


ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම ආරම්භ වේ.

5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම අද ආරම්භ වුණා. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, මධ්‍යස්ථාන 35කදී ඇගයීම් සිදු කරන බවයි. ඒ සඳහා සහභාගී වන ගුරුවරුන් සංඛ්‍යාව 8000 කට අධිකයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණේ පසුගිය 05 වනදායි. ඒ සදහා අපේක්ෂකයින් තුන්ලක්ෂ 55,326 දෙනෙකු පෙනී සිටියා.

Siyatha Top Story | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post